මං අහන්නෙ නම් නෑ රත්තරනේ Lyrics 
මං අහන්නෙ නම් නෑ රත්තරනේ
දුක දරා ගත්තෙ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුණා
මං මට විතරක් අයිති නෑ කියා..//
මං අහන්නෙ නම් නෑ රත්තරනේ...
හිස තියාන මා ළය මඩල පුරා
උණු කදුළු වලින් නම් තෙමන්න එපා
මගෙ ලයේ කදුළු ඇහැරෙන හින්දා
දැන් හිනා වෙන්න මා දිහා බලා
දැන් හිනා වෙන්න මා දිහා බලා
මං අහන්නෙ නම් නෑ රත්තරනේ
දුක දරා ගත්තෙ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුණා
මං මට විතරක් අයිති නෑ කියා..
මං අහන්නෙ නම් නෑ රත්තරනේ...
එක කදුලක සීතල වුනත් එදා
අපි දෙකට බෙදාගෙන විදගත්තා
ඒ සීතල යළි නුඹ ළග තියලා
රත්තරනේ මං යන්නෑ කිසිදා
රත්තරනේ මං යන්නෑ කිසිදා
මං අහන්නෙ නම් නෑ රත්තරනේ
දුක දරා ගත්තෙ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුණා
මං මට විතරක් අයිති නෑ කියා..
මං අහන්නෙ නම් නෑ රත්තරනේ...
0 Comments